ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ආබාධයකට ගොදුරුව තිබේ. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගය අතරතුරදී දසුන් කලවයේ ආබාධයකට ගොදුරුව තිබේ.ද සුන්ගේ ආබාධිත තත්ත්වය නිසා ඔහුට සති තුනක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය නිර්දේශය වී ඇත. දසුන් වෙනුවට ශ්‍රී ලංකා සංචිතය සමඟ ඉන්දියාවට ගොස් සිටින තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව ඇතුළත් කිරීම සඳහා ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා දී තිබේ. ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සඳහා ප්‍රතිස්ථාපන ක්‍රීඩකයා නිල වශයෙන් සංචිතයට එක් කිරීමට පෙර ඉසව් තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ඉසව් ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී හේමන්ග් අමීන්, එම මෙහෙයුම් අංශ සාමාන්‍යාධිකාරී ගරුව් සක්සේනා, විස්තර විචාරකයින් වන රසල් ආනල්ඩ් සහ සයිමන් ඩූල් යන මහත්වරු එම තාක්ෂණික කමිටුවේ සාමාජිකයෝ වෙති. On October 16, 2023 By Web Editor
November 11, 2023 Cricket International Cricket මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
November 11, 2023 Cricket International Cricket අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්