ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අවම පන්දු වාර සංඛ්‍යාවේ වාර්තාව හිමිකර ගත් දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ඊයේ (1දා) අවසන් කළේ ඕස්ට්‍රේලියාව ඉදිරියේ කඩුලු 10ක පරාජයක්ද අත්කර ගනිමිනි. දෙරට අතර 32වැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 212 කට දැවීගිය අතර ඊට පිළිතුරු ලෙස ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 321ක් ලබා ගත්හ. තරගයේ 3වැනි දිනය ආරම්භ වී විනාඩි කිහිපයක් තුළ අවසන් කඩුලු 2ම දවාගත් වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු ඔවුන්ගේ පළමු ඉනිම එසේ අවසන් කළද එතැන් සිට පන්දුවාර 22 යි පන්දු 5 ක් තුළ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 113 කදී බිඳ වැටුණි. දෙවැනි ඉනිමේ හයවැනි පන්දුවාරයේ 3වැනි පන්දුවේදී ලකුණු 23ක් ලබා සිටි නායක දිමුත්, නෙදන් ලයන්ගේ පන්දුවකට කඩුලු රකින ඇලෙක්ස් කේරි අතට උඩපන්දුවක් ලබා දීමෙන් මුළු ලකුණු 37ක් වන විට පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර ඉන් පසුව පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් නැවත ක්‍රීඩාගාරයට හැරවී යාමේ පෙරහැර එතැන් සිට ආරම්භ විය. පැතුම් නිශ්සංක (ලකුණු 14) සමඟ දිමුත් තැබූ එම ලකුණු 37 ක සබඳතාව ශ්‍රී ලංකා 2වැනි ඉනිමේ ඉහළම කඩුලු අතර සබඳතාවය වූ අතර පන්දු 27 කදී කඩුලු 6 ක්ම බිද වැටීම නිසා ශ්‍රී ලංකාව තුළදී ඔවුන් ලද 8වැනි ටෙස්ට් ජයග්‍රහණයට දින දෙකහමාරකටත් වඩා අඩු කාලයකදී ළඟා වීමට ගාල්ලේදී හැකි විය. කෙසේ වෙතත් නෙදන් ලයන් , මිචෙල් ස්වෙප්සන් හා ට්‍රෙවිස් හෙඩ් ප්රමුඛ ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිල යන්තමින් ඉනිමක පරාජයෙන් බේරුණ බැවින් ජයග්‍රහණය සඳහා වූ ලකුණු 5 ලබා ගැනීම සදහා ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා වූ ඩේවිඩ් වෝනර් වැය කරන ලද්දේ පන්දු 4 ක් පමණි. මින් පෙර කිසි දිනෙක ටෙස්ට් කඩුල්ලකට හිමිකම් නොකී ට්‍රෙවිස් හෙඩ් ඊයේ දිනය සිය පන්දුවාර 2 යි පන්දු 5 ක් තුළදී 10 කට කඩුලු 4 ක් දවා ගනිමින් ටෙස්ට් පන්දු යවන්නෙක් බවටද උසස්වීමක් ලැබීය. ඔහුට අමතරව නේදන් ලයන් කඩුලු 4 ක් දවා ගනිද්දී එකම පා දඟ පන්දු යවන්නා වූ මිචෙල් ස්වෙප්සන් පිට දඟ පන්දු යවන්නන් දෙදෙනාට අවශ්‍ය සහාය ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගත්තේය. මේ අනුව මෙකී පන්දු යවන්නන් තිදෙනා මෙම තරගයේදී දැවී ගිය ශ්‍රී ලංකා කඩුලු 20න් 18කටම හිමිකම් කී අතර ඉතිරි කඩුලු දෙක බෙදී ගියේ වේග පන්දු යවන නායක පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් අතරේය. ටෙස්ට් පන්දු යවන්නන් අතර අංක 1 පන්දු යවන්නා බවට පත්ව සිටින නායක පැට් කමින්ස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී එකම පන්දු වාරයක් හෝ නොයැවීම කැපී පෙනුණු අතර නේදන් ලයන් තරගය නිමා කරන ලද්දේ ලකුණු 121 කට කඩුලු 9 ක් දවා ලමිනි. ශ්‍රී ලංකාව පැත්තෙන් වාර්තා වූ එකම අර්ධ ශතකයට පළමු ඉනිමේදී ලකුණු 58ක් ලබා ගත් නිරෝෂන් දික්වැල්ල හිමිකම් කී අතර පන්දු යැවීමේදී රමේෂ් මෙණ්ඩිස් ලකුණු 112කට කඩුලු 4ක් දවා ගනිමින් කැපී පෙනුණි. ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් 2වැනි ඉනිමේදී කණ්ඩායමට යෙදවූ ඕෂද ප්‍රනාන්දුටද ලබාගත හැකි වූයේ ලකුණු 12 පමණක් වන අතර පළමු ඉනිමේදී ලකුණු 77 ක් රැස් කළ කැමරන් ග්‍රීන් තරගයේ වීරයා ලෙස සම්මාන ලබා ගත්තේය. ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 59 කදී 212 යි – නිරෝෂන් දික්වැල්ල 58, රමේෂ් මෙන්ඩිස් 22, ඇන්ජලෝ මැතිව්ස් 39, පැතුම් නිස්සංක 23, දිමුත් කරුණාරත්න 28. නේදන් ලයන් 90/5, මිචෙල් ස්වෙප්සන් 55/3) ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 313 යි – උස්මාන් කවාජා 71, කැමරන් ග්‍රීන් 77, ඩේවිඩ් වෝනර් 25, ඇලේක්ස් කේරි 45, පැට් කමින්ස් 26. රමේෂ් මෙන්ඩිස් 112ග/4, ජෙෆ්රි වැන්ඩර්සි 68/2, අසිත ප්‍රනාන්දු 37/2 ශ්‍රීලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 22.5 කදී ලකුණු 113 යි – දිමුත් කරුණාරත්න 23, පැතුම් නිස්සංක 14, කුසල් මෙන්ඩිස් 8, ඔ්ෂද ප්‍රනාන්දු 12, ධනංජය ද සිල්වා 11, දිනේෂ් චන්දිමාල් 13, නිරෝෂන් දික්වැල්ල 3, රමේෂ් මෙන්ඩිස් 0, ජෙෆ්රි වැන්ඩර්සි 8, අසිත ප්‍රනාන්දු 5*. නේදන් ලයන් 31/4, ට්‍රෙවිස් හෙඩ් 10/4, මිචෙල් ස්වෙප්සන් 34/2 ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 10 යි – ඩේවිඩ් වෝනර් 10* On August 21, 2022 By Web Editor
November 11, 2023 Cricket International Cricket මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
November 11, 2023 Cricket International Cricket අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්
Wow, awesome weblog structure! How lengthy have you been blogging for?
you make running a blog glance easy. The full look of your site is fantastic, as well as the
content material!
thank you!