ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුලු 5 ම ලකුණු 19 ක් ඇතුළත දවාගැනීමට හැකිවීම නිසාම පල්ලේකැළේදී පැවැති 2වැනි එක් දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 26 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය පරාජයට පත් ශ්‍රී ලංකා පිලට පළමුව පන්දුවට පහර දිමට සිදුවුවද වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පන්දුවාර 48ක් තුළ කඩුලු 9ක් දැවි ලබාගත් ලකුණු 220 නිසා ඕස්ට්‍රේලියානුවන්ගේ ඉලක්කය වූයේ පන්දුවාර 43 කදී ලකුණු 216 කි. එය එතරම් අසීරු ඉලක්කයක් නොවුණත් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ මන්දගාමී තණතීරුවේ පැවැති මෙම තරගයේදී එය හඹා යෑමේදී ඔස්ට්‍රේලියානු පිලට පන්දුවාර 37.1 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුනු 189 ක් පමණි. දග පන්දුවෙන් ධනංජය ද සිල්වා හා දුනිත් වෙල්ලාගේ කඩුලු 2බැගින් දවා ගෙන තරගයේ පාලනය අතට ගැනීමට සමත් වෙමින් තරගයේ සමස්ථ පාලනය පන්දු යවන්නන් සතු වද්දී දෙපිළේම එකම පිතිකරුවකු හෝ අර්ධ ශතකයක් වාර්තා කිරීමටද අසමත් විය. ශ්‍රී ලංකාව සතු අංක 1 පන්දු යවන්නා වන වනිඳු හසරංග නොමැතිව වුවද තරගය ජය ගැනීමට සමත්වීම මෙම ජයග්‍රහණයේ ඇති තවත් විශේෂත්වයක් විය.. චාමික කරුණාරත්නගේ නම ඉදිරියෙන් ලකුණු 47 කට කඩුලු 3 ක් සටහන් වූ අතර දුෂ්මන්ත චමීර පන්දුවාර 6.1 කදී ලකුණු 19 කට කඩුලු 2 ක් දවා ගැනීම ශ්‍රී ලංකාවට ජය මාවතට පිවිසීමට උපකාරී විය. චාමිකගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින්ද සනිටුහන් කරමින් ස්ටීවන් ස්මිත් (28), ග්ලෙන් මැක්ස්වෙල් (30) සහ මිචෙල් ස්වෙප්සන් (02) දවා ගත් අතර මැක්ස්වෙල්ගේ අත්‍යාවශ්‍යම කඩුල්ලට අමතරව ඇලෙක්ස් කේරිව දුවද්දී දවා ගැනීම වෙනුවෙන් ඔහු ලබා දුන් දායකත්වය නිසා තරගයේ වීරයා සම්මානයෙන්ද චාමික කරුණාරත්න පිදුම් ලැබීය. ඊයේ (16දා) තරගයේදී දෙපිලේම පිතිකරුවන් අතර වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ඩේවිඩ් වෝනර් ලබා ගත් ලකුණු 37 සටහන් වන අතර ශ්‍රී ලංකා පිලවෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36ක්ද ධනංජය හා දසුන් ශානක ලකුණු 34ක් බැගින් වාර්තා කළේය. මංගල එක්දින වරම් දිනාගත් මැතිව් කුනේමන් පන්දුවාර 10 කදී ලකුණු 48 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් කරගත්තේය. පළමු තරගයේදී ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා වූ ග්ලෙන් මැකිස්වෙල්ද ලකුණු 35 කට කඩුලු 2 ක් සහ තෙවැනි දඟ පන්දු යවන්නා ලෙසින් එක්වූ මිචෙල් ස්වෙප්සන් එක් කඩුල්ලක් ද දවා ගත්තේය. ඊයේ පැවැති තරගය මෙම දෙරට අතර 99වැනි එක් දින ජාත්‍යන්තර තරගය ලෙස වාර්තාවන අතර පල්ලෙකැළේදී මෙම ප්‍රතිවාදීන් එක් දින තරගයකදී මුණගැසුන 4වැනි අවස්ථාවද විය. ඒ අනුව ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරදා පල්ලෙකැළේදී ලබා ගත් ප්‍රථම එක් දින තරග ජයග්‍රහණය ලෙසද ඊයේ ජයග්‍රහණය ඉතිහාසයට එක්වනු ඇත. මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ ඉතිරි එක්දින තරග 3 සඳහා ශ්‍රී ලංකාව කොළඹදී හමුවන්නේ තරගාවලිය 1-1 ක් ලෙස ප්‍රතිවාදීන් හා කරට කර සිටිමිනි. On June 25, 2022 By Web Editor
November 11, 2023 Cricket International Cricket මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
November 11, 2023 Cricket International Cricket අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්