
- අරවින්දගෙ තාත්තා එළිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් කෑන් පිටින් ගෙනල්ලා කන්න දෙනවා
- බන්දුල වර්ණපුර සහ අර්ජුන අයියා මත දෙකක හිටපු නිසා ගැටුමක් ඇති වුණා
- අසේල විතාන ඕනෑම අභියෝගයක් සිනහවෙන් බාර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යෝධ පවුරක් වූ මොහු හෂාන් තිලකරත්න වෙයි. එකල වමතින් සහ දකුණතින් පන්දු යැවීමේ හැකියාව දැක්වු මොහු ටෙස්ට් වරම් ලැබුවේ කඩුලු රකින්නකු වශයෙන්ය. නමුත් කිසිම දවසක කඩුලු රකින්නක නොවූ හෂාන් පැය දෙකක පමණ පුහුණුවකින් පසුව කඩුලු රකින්නකු ලෙස ටෙස්ට් වරම් ලැබීමද අපුරු කතාවකි.1989 දී පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හෂාන් ටෙස්ට් තරග 83 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක විස්සක් ලබා තිබේ. හෂාන්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 42.87 කි. එක්දින තරග 200 කට ක්‍රීඩා කළ හෂාන් ශතක 2 ක් සහ අර්ධ ශතක 13 ක් ලබා තිබේ.

