
2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව තිබේ. ඒ, එම තරගාවලියට අදාලව සිම්බාබ්වේහි පැවැත්වුණු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය කොවිඩ්-19 රෝගයේ ව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කර දැමීම නිසාය.
සත්කාරක නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව 2022 කාන්තා ලෝක කුසලාන තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා තිබූ අතර, පාකිස්තානය, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ඊට සුදුසුකම් ලබා ගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේය.
ඒ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අවලංගු කිරීම හේතුවෙන් ඒ වනවිට අයිසීසී කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය අනුව පිලිවෙලින් ඉදිරියෙන් සිටි කණ්ඩායම් 08 ඊට නම් කරමිනි.