Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ඔස්ටේ‍්‍රලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ මෙන්ම හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරුවකු වූ ටොම් මූඩි මහතා අද (01 දා) සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා වශයෙන් පත්කර තිබේ.
ටොම් මූඩි මීට පෙර 2007 ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැුගෙන යෑමේ ප‍්‍රධාන පුහුණුකරුවාද විය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කමිටුව සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් මෙරට ක‍්‍රිකට් ඔසවා තැබීමේ අරමුණින් අදාළ පත්වීම සිදුකර තිබේ.
ඒ අනුව ටොම් මූඩි විසින් අනාගත ක‍්‍රිකට් සංචාර සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම, දේශීය තරගාවලි ව්‍යුහය සොයා බැලීම, ක‍්‍රීඩක සුභසාධනය, අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ කාර්ය මණ්ඩල ව්‍යුහය මෙන්ම ඉහළ කාර්ය සාධන සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි අවධානය යොමු කරමින් සිය රාජකාරිය සිදුකිරීමට නියමිතව තිබේ.
වසර තුනක කොන්ත‍්‍රාත්තුවක් සඳහා අධ්‍යක්ෂකවරයා වශයෙන් පත්වන ටොම් මූඩි අදාළ කාලය තුළදී දින 300 ක අනිවාර්ය පැවරුම ඉටු කළ යුතු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *