Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

සත්කාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමග පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 13කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (02 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර ක්‍රියාත්මක වූ එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජය ගනිමින් තරගාවලියේ ජය හිමි කර ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත් වෙද්දී තෙවැනි තරගය ජය ගනිමින් සිය ගෞරවය රැක ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 5ක් දැවී ලකුණු 302ක් ලබා ගැනීමට සමත් විය. ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඔස්ටේ්‍රලියාවට පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 289ක් පමණි.
ඉන්දීය ඉනිම ඔසවා තැබූ හර්දික් පාණ්ඩයා පන්දු 76කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 1ක් සමගින් නොදැවී ලකුණු 92ක් වාර්තා කළ අතර රවීන්ද්‍ර ජඬේජා පන්දු 50කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 66ක් රැස් කළේය.
ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ ඒරන් ෆින්ච් පන්දු 82කදී ලකුණු 75ක් රැස් කළේය. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 38කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 38ක් රැස් කළේය. ෂර්දුල් ටාකූර් ලකුණු 51කට ඔස්ටේ්‍රලියානු ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *