Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල් සහ කිංගස් ඞෂ පන්ජාබ් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයේදී කඩුලු 4ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 223ක දැවැන්ත ලකුණු පුවරුවක් වාර්තා කිරීමට සමත් විය. කේ.එල්. රාහුල් ලකුණු 69ක් සහ මායාන්ක් අග්‍රාවල් පන්දු 50කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් සමගින් ලකුණු 106ක් වාර්තා කළේය.
ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දුවාර 19.3කදී කඩුලු 6ක් දැවී ලකුණු 226ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය. සංජු සැම්සන් පන්දු 31කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 85, රාහුල් තෙවාතියා පන්දු 31කදී හයේ පහර 7ක් සමගින් ලකුණු 53ක් සහ ස්ටීවන් ස්මිත් පන්දු 27කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 50ක් වාර්තා කළේය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ වැඩිම ඉලක්කයක් හඹාගොස් ජයගත් පළමු අවස්ථාව ලෙසින් ඊයේ තරගය වාර්තා පොතට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *