Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

අවිශ්ක ගුණවර්ධණ, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යාංශයට මැදිහත් විය හැකි ආකාරය සෙවීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි ක‍්‍රීඩා අමාත්‍ය ලේකම් කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා කටයුතු යොදා තිබේ.
අදාළ ටී. 10 තරගාවලියේදී අයි.සී.සී. ¥ණ විරෝධී නීති සංග‍්‍රහයේ වගන්ති කඩ කිරීම හේතුවෙන් අදාළ කී‍්‍රඩකයන් තිදෙනාට එරෙහිව තාවකාලික තහනමක් පැනවීමට අයි.සී.සී. තීරණය කර තිබේ. අදාළ ක‍්‍රීඩකයන් යම් කිසි පුද්ගලයකු සමග කතා බස් කර ඇති බවත් ඒ සම්බන්ධව අයි.සී.සී.ය හෝ අදාළ පාර්ශ්ශව දැනුවත් කර නොමැති බවත් අයි.සී.සී. චෝදනා පත‍්‍රයේ සඳහන් වේ.
කෙසේ වෙතත් චෝදනාවට ලක්ව ඇති අවිශ්ක ගුණවර්ධන එම ටී. 10 තරගාවලියේදී ටීම් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා විය. ඔහු පවසන්නේ තමාට අසාධාරණයක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ ක‍්‍රීඩා අමාත්‍යාංශය නිශ්ශබ්ද බවත් යනුවෙනි. මාස 14 ක් යනතුරුත් තමා වරදක් කර තිබේනම් එය ඔප්පු කිරීමට අයි.සී.සී.ය අසමත් වෙද්දී වගකිව යුතු පාර්ශ්ශව කර අරින බවත් අවිශ්ක වැඩිදුරටත් සඳහන් කරයි.
ඉකුත් 2019 වසරේ සම්මත වූ ක‍්‍රීඩා නීතිය අනූව ක‍්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ෂණ ඒකකයට අදාළ ප‍්‍රශ්නය ගෙන යන්නේද යන්න ක‍්‍රීඩා අමාත්‍යෘංශ ලේකම් රුවන්චන්ද්‍ර මහතාගෙන් විමසන ලදුව, ‘‘මේ ප‍්‍රශ්නය අපිට එතන්ට ගෙනියන්න බැහැ. මේ චෝදනාව කරලා තියෙන ආකාරය අනූව අපිට ක‍්‍රීඩා අමාත්‍යාංශයක් විදිහට කොහොමද මැදිහත් වෙන්න පුළුවන් කියන එක හොයන්න ඇමැතිතුමාගේ උපදෙස් පරිදි ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. එම ත‍්‍රිපුද්ගල කමිටුවේ ප‍්‍රධානියා වශයෙන් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා කටයුතු කරන අතර තවත් නීතිඥයන් දෙදෙනකු එහි සාමාජිකයන් වෙනවා. කොහොමත් මේ සතිය වන විට අපිට තීරණයක් ගන්න ලැබෙයි.’’ යනුවෙන් පැවසීය.
පිටස්තර පුද්ගලයකු විසින් කරන ලද චෝදනාවකට අනූව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා නීතියේ සම්මත වැරදි සෙවීමේ විමර්ෂණ ඒකකයට අදාළ ප‍්‍රශ්නය ගෙන යා නොහැකි වේ. මේ ප‍්‍රශ්නය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන සම්බන්ධයෙන් කළ චෝදනාවට වඩා වෙනස් එකක් බව පැහැදිලි වුවද වැරදිකරුවන් සෙවීම අදාළ පාර්ශ්ශවවල වගකීම වේ.
තරගාවලියට සහභාගි වූ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ටීම් ශ‍්‍රී ලංකා කණ්ඩායම දේශීය පළාත් ශූරතාව දිනූ කොළඹ කණ්ඩායම වශයෙන් හඳුන්වනු ලබයි. නමුත් එම කණ්ඩායමට පිටස්තර කණ්ඩායමක ක‍්‍රීඩකයන් වු රමිත් රඹුක්වැල්ල ක‍්‍රීඩා කිරීමද යම් කිසි ප‍්‍රශ්නයක් ඇති කරවන්නක් බව චෝදනාවට ලක්ව ඇති පාර්ශ්ශවය පවසයි. කෙසේ වෙතත් අදාළ තරගාවලිය පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් කණ්ඩායම් වෙන්කර ගනිමින් පැවැත්වූවක් වේ. එහිදී ක‍්‍රීඩකයන්ට ලැබුණු මුදල් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ගෙවා ඇති බව එහි ප‍්‍රධාන විධායක ඈෂ්ලිද සිල්වා මහතා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය. නමුත් පුහුණුකරුවන්ට කිසිදු මුදලක් මෙවැනි තරගාවලියක ගෙවා නැතිවීමද විශේෂත්වයකි.
අවිශ්ක ගුණවර්ධණ පවසන පරිදි අයි.සී.සී.යේ අනුමත තරගාවලියක් බවට එම තරගාවලිය පත්ව නොතිබූ බවත් තමාට චෝදනාව කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක‍්‍රිකට් ආයතනය හරහා බවත් සඳහන් කරයි. කෙසේ වෙතත් උද්ගතවී ඇති ප‍්‍රශ්නයේ සත්‍ය තවමත් දෙපසට දෝලනය වන්නේ අයි.සී.සී.ය විසින් ස්ථිර වරද ප‍්‍රසිද්ධ නොකර තාවකාලික ලේබලයට තහනමක් පනවා තිබීම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කණ්ඩායම සහභාගී කරවු ආකාරය සම්බන්ධවය. මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශ ත‍්‍රිපුද්ගල කමිටුව ගන්නා තීන්දුව රටේ ක‍්‍රීඩාවේ ¥ෂණ මැඩලීමට යහපත් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *