Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය දා  දකුණු පළාතේ ක්‍රිකට් විනිසුරුවන් පුහුණු කිරීම සඳහා විනිසුරුවරයකු පත් කරන ලදී. දකුණු පළාත තුළ පළමු ශ්‍රේණිය,දෙවන ශ්‍රේණිය හා තුන්වන ශ්‍රේණියේ විනිසුරුවන්දහයකට වැඩි සංඛ්‍යාවක් සේවය කරනු ලබයි. මෙම විනිසුරුවන් පුහුණු කිරීම සඳහා පත්කරනු ලැබූ විනිසුරුවරයා හතර වන ශ්‍රේණියේ  විනිසුරුවරයෙකු වේ. පළමු ශ්‍රේණියේ විනිසුරුවරයෙකු හෝ දෙවන ශ්‍රේණියේ විනිසුරුවරයෙකු මෙම හතර වන ශ්‍රේණියේ විනිසුරුවරයා ගෙන් උපදෙස් ලබා ගනීද ?හුදෙක්ම  හිතවත්කම මත මෙම පත්වීම ලබා දී ඇත. විනිසුරු කමිටුව විසින් ලබා දුන්  මෙම පත්වීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද  නො දන්නවා ඇත. සභාපති ගේ ඇසට වැලි ගසා ලබාදුන්මෙම පත්වීම මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු ක්ෂේත්රය ම මහත් කැළඹීමකට පත් ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *