Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

විස්සයි විස්ස ලෝක කුසලාන ඔස්ටේ‍්‍රලියාවේ පවත්වනවාද නැද්ද යන්න තීරණය කිරීමට තවත් කාලයක් අවශ්‍ය බව සාමාජික රටවලට දැනුම් දී තිබේ. ඒ කෝවිඞ් 19 වසංගතය සම්බන්ධව ඔස්ටේ‍්‍රලියාවේ තත්ත්වය තවදුරටත් අධ්‍යයනය කරමින් තීන්දුව ගන්නා බව අයි.සී.සී. වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ඉන්දියානු ක‍්‍රිකට් භාණ්ඩාගාරික අරුන් ධුමාල් පවසන්නේ තවදුරටත් අයි.සී.සී.ය ස්ථිර වචනයක් නොදීමෙන් අනෙක් තරගාවලි සංවිධානය කිරීමට ඇති කාලයද ඇහිරී යන බවයි. ඉන්දියානුවන් විස්සයි විස්ස ලෝක කුසලාන කල් දැමීමේ උත්සහයක නිරතව සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ 2020 අයි.පී.එල්. තරගාවලිය එම කාලයේදී පැවැත්වීමට ඔවුන් උත්සහ කිරීමයි.
තත්ත්වය සම්බන්ධයෙන් ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩා අමාත්‍යවරයා වන රිචඞ් කොල්බෙල් පවසන්නේ තම රටේ කොරෝනා වසංගතය දැන් සමතලා වෙමින් පවතින බවයි. ඒ අනූව ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමට ඔස්ටේ‍්‍රලියාවට හැකි බවත් පේ‍්‍රක්ෂයන්ටද තරග නැරඹීමට අවස්ථාව වත්මන් තත්ත්වය අනූව ලබාදිය හැකි මට්ටමක ඔස්ටේ‍්‍රලියාව සිටින බවත් කොල්බෙල් සඳහන් කරයි.
පසුගියදා 10 වැනිදා රැුස්වූ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ප‍්‍රධානීන් සැලසුම් කර ඇති ආකාරයට විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීම සහ හදිසි අවස්ථාවන් හීදි තරගාවලිය සංවිධානය කිරීමට ඇති විකල්ප සම්බන්දව වැඩි අවධානයක් යොමු කර තිබේ. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ප‍්‍රධාන විධායක මනු සව්නි පවසන්නේ, ‘‘ගෝලීය වසංගතයේ අවට ත්ත්වය අපි සොයා බලමින් ඉන්නේ. ඒ නිසා කී‍්‍රඩාව පවත්වන්න සුදුසුම සහ නිවැරදිම තීරණය ගැනීමට අපි හොඳම අවස්ථාව එනකම් බලා ඉන්නවා. ඒ වගේම සෑම දෙනාගේම සෞඛ්‍ය සහ යහපැවැත්ම අපේ ප‍්‍රමුඛතාවක්. ඒක බැහැර කරන්න බැහැ.’’ යනුවෙනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සව්නි මහතා, ‘‘මෙම තීරණය ගැනීමට අපිට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණයි. ඒ තීරණය ඉතාමත් නිවැරදි විය යුතුයි. එබැවින් අපේ සාමාජිකයන්, රූපවාහිණී විකාශකයින්, හවුල්කරුවන්, රජය සහ ක‍්‍රීඩකයන් සමග දිගින් දිගටම සාකච්ඡුා කරලා හොඳම අවබෝධයක් ලබාගෙන තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පැවසීය.
අයි.සී.සී.ය විසින් කෝවිඞ් වසංගතයෙන් පසුව සියලූම සාමාජික රටවල් එක්ව පසුගිය 28 වැනිදා පැවැත්වූ රැුස්වීමේදී කතිකා කරගත් රහස්්‍ය කරුණු කිහිපයක් මාධ්‍යවල වාර්තා වීම හේතුවෙන් ඔවුන් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ. අදාළ තොරතුරු එළියට ගියේ කෙසේද යන්න තවමත් ස්වාධීන පරීක්ෂණ කරන බව අයි.සී.සී. සඳහන් කරයි. මේ අතර ලබන 2021 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදී රජයේ බද්දක් නිදහස් කර ගැනීමේ ගැටලූවකද අයි.සී.සී.ය සහ ඉන්දියාව මත ගැටුමක පැටලී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *