Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ලොව වඩාත් අවධානයකට ලක්වූ ඇමරිකාවේ සුපිරි පැසිපන්දු ක‍්‍රීඩකයකු වූ කෝබේ බ‍්‍රයන්ට් මරණය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත්වීමත් සමග එහි මරණ වාර්තාව ඉදිරිපත් කිරීමට මාස පහක් ගත වුණි. කෝටිපති ක‍්‍රීඩකයකු වන කෝබේ සිය පෞද්ගලික ගුවන් යානයේදී මෙසේ අනතුරට ලක්ව මිය යන විට ඔහුගේ 13 හැවිරිදි දියණියද ඔහු සමග විය.
මරණයට හේතුව දැඩි මීදුම මධ්‍යයේ ගුවන් නියමුවා කැලිෆෝනියාව දක්වා ගුවන් යානය පියාසර කර තිබේ. එහිදී ගුවන් නියමුවා බීමතින් සිටි බවටද කටකතා පැතිරුණ අතර මරණ පරීක්‍ෂණ වාර්තාවේ ඔහු බීමතින් නොසිට ඇති බව සනාත කර තිබේ. ජනවාරි 26 වැනිදා මෙම ගුවන් යානය අනතුරට පත්වන විට කොබේ ඇතුළු නව දෙනකු ජීවිතක්ෂයට පත්විය.
‘නව දෙනාගේම මරණයට හේතුව අධික කම්පනය සමග සිදුවූ අනතුරයි. ඒක හදිසි අනතුරක්.’’ යැයි මරණ වාර්තාවේ සඳහන් වේ. ලොස් ඇන්ජලීස් ප‍්‍රාන්තයේ වෛද්‍ය පරීක්‍ෂකවරුන් සහ හදිසි මරණ පරීක්ෂක කාර්යාලය විසින් මෙම වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *