ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහයෝගීතා අරමුදල හරහා ලැබෙන කෝටි ගණනක මුදලක් මලල ක්‍රීඩා, බර ඉසිලීම, කරාටේ, මල්ලවපොර, බොක්සිං සහ පිහිනුම් ක්‍රීඩා සඳහා යොදවා තිබේ. අදාළ ක්රීඩාවන්ව නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මාසිකව රුපියල් එක්කෝටි හැට දෙලක්ෂ තිස්දහසක මුදලක් ගෙවා ඇතැයි සඳහන් වේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙස් විදෙස් පුහුණුවීම්, බෙහෙත් සහ විටමින් වර්ග වෙනුවෙන් එම මුදල් වැය කර ඇත. එළැඹෙන ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නඩත්තු කිරීම 2017 වසරේ සිට ක්‍රියාත්මක වූ අතර එහිදී මලල ක්‍රීඩා, බර ඉසිලීම, ජූඩෝ හා පිහිනුම් ක්‍රීඩාවන් නියෝජනය කරන පස්දෙනකු සඳහා රුපියල් කෝටි දෙකහමාරක ශිෂ්‍යත්වයක්ද ප්‍රධානය වේ.
මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න හා වි¥ෂා ලක්ෂිණිට මාසිකව ඇමරිකානු ඩොලර් 670 බැගින් ලබාදෙන අතර බර ඉසිලීමේ ක්‍රීඩක තිලංක විරාජ් පළඟසිංහට ඒ හා සමාන මුදලක් මාසිකව පිරිනැමේ. මේ අතර ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනට හා පිහිනුම් ක්‍රීඩක මැතිව්ස් අබේසිංහට අමෙරිකානු ඩොලර් 1000 බැගින් මාසිකව ලබාදීමට ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙතරම් මුදලක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වැය කළද ජපානයේ ටෝකියෝ නුවරදී තවත් මාස කිහිපයකින් ආරම්භවන ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට සුදුසු පරිසාධන මට්ටමට ළඟා වීමටද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොහැකි වීම ගැටලූ සහගත තත්ත්වයකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඉපිද වෙනත් රටක ජීවත් වන මැටිල්ඩා කාල්සන් ක්‍රීඩිකාව පමණක් පරිසාධන මට්ටම අභිබවා ඇත. ස්වීඩනයේ ජීවත් වන ඇය අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තාය.
ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට අවශ්‍ය පරිසාධන මට්ටමට ළඟා වීමට නොහැකි වු විට අදාළ රටවල් ‘වයිල් කාඞ්’ ක්‍රමය යටතේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවනු ලබයි. ඒ අනුව අවසන් වරට පැවැති රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් නව දෙනකු සුදුසුකම් ලැබුවේද ‘වයිල් කාඞ්’ ක්‍රමය යටතේය.