Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

තෙවැනි සති අන්තයේ ලොන්ඩන් පෙදෙසේදී පැවැති පළමු කොටසේ තරගයකදී ගුවන් හමුදාව ලකුණු 53-15 කින් පරාජය කර දැමීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක‍්‍රීඩකයෝ සමත් වූහ. එය සී.ආර් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලද දහවැනි ජයග‍්‍රහණය වශයෙන් සටහන් වේ.
ලකුණු 53 රැුස් කිරීමේදී සී.ආර් පිල ගෝල පහක් වාර්තා කළ අතර ඒ අතරට උත්සාහක දිනුම් තුනක් සහ දඬුවම් පහරක්ද සමග සිය ලකුණු තත්ත්වය ඔවුන් තර කර ගත්තේය. ගුවන් හමුදාවට එක් ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් සිය ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.
තරගයේ පළමු අර්ධ අවසන් වන විට සී.ආර් පිල ලකුණු 20-15 ක් වශයෙන් පෙරමුණ ගෙන ගත් අතර එහිදී පළමු භාගය අවසන් වීමට පෙර මිනිත්තුවක් තිබියදී සී.ආර් පිල වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කෙවින් ඩික්සන් සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *