Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

පිට පිටම දෙවැනි තරගයෙනුත් ඉන්දියාව පරාජය කර දැමු සත්කාරක නවසීලන්තය දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් වශයෙන් ජය වෙන්කර ගැනීමට සමත් විය.
පළමු තරගයේදී ඉන්දියාව ලබාගත් ලකුණු 347 ක ඉලක්කය හඹා ගිය නවසීලන්තය දෙවැනි තරගයේදී ඉන්දියානු ඉනිම ලකුණු 251 කට සීමා කරමින් ලකුණු 22 ක ජයක් ලබා ගත්තේය. නවසීලන්ත ජයග‍්‍රහණය වෙනුවෙන් මාටින් ගප්ටිල් (79* සහ රෝස් ටේලර් (73* අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය.
ඉන්දියානු නායක විරාට් කෝලි ලකුණු 15 කට දැවී ගිය අතර ෂෙරියාස් ඉයර් (52) සහ රවීන්ද්‍ර ජදේජා (55) පමණක් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *