Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු ශූරතාව වසර 11 කට පසුව දිනා ගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය. ඒ කොළඹ තුරඟ පිටියේ පැවැති අවසන් මහා තරගයේදී ප‍්‍රබල සෝන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව පෙනල්ටි අවස්ථාවේදී ලකුණු 6-5 ක් වශයෙන් ඉදිරියෙන් සිටිමිනි.
මීට පෙර පොලිස් කණ්ඩායම 2018 වසරේදී අදාළ ශූරතාව දිනාගෙන තිබුණි. තියුණු මුහුණු වරක් ගත් අවසන් මහා තරගයේ පළමු භාගය දෙපිලටම ගෝල ලබා ගැනීමට නොහැකි වූ අතර අවසන් අදියරේ 50 වැනි මිනිත්තුවේදී පොලිස් කණ්ඩායමේ එම්.ජේ.ආර්. මොහොමඞ් විසින් පළමු ගෝලය වාර්තා කළේය. ඊට මිනිත්තු පහකට පසුව සෝන්ඩර්ස් කණ්ඩායමේ නිරේෂ් රිෆිල්ඞ් ගෝලයක් වාර්තා කරමින් තරගය 1-1 ක් වශයෙන් සම තත්ත්වයට ඇදගෙන යෑමට සමත් විය.
අනතුරුව තරගයේ ජයග‍්‍රහකයන් තෝරා ගැනීම වෙනුවෙන් ලබාදුන් පෙනල්ටි අවස්ථාවේදී පොලිසිය සිය ශූරතාවයේ සින්නක්කර අයිතිය දශකයකට පසුව උදුරා ගත්තේය. තරගාවලියේ රන් සපත්තුව එන්.ඩබ්ලිව්.එම්. තහීර්ට හිමිවිය.
අවසන් මහා තරගයේ වටිනාම කී‍්‍රඩකයා සම්මානය සෝනඩර්ස් ක‍්‍රීඩා සමාජයේ සුන්දරාජ් නිරේෂ්ට හිමිවූ අතර හොඳම දැල් රකින්නා සම්මානය පොලිස් කණ්ඩායමේ මහේන්ද්‍රන් දිනේෂ්ට හිමිවිය. නැගී එන ක‍්‍රීඩා සම්මානය පොලිස් කණ්ඩායමේ රිෆ්කාන් මොහොමඞ්ට හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *