රී ලංකා අන්තර්සමාජ ප්‍රිමියර් තරගාවලියේ මුවර්ස් හා මීගමු ක්‍රීඩා සමාජ අතර තෙදින තරගයේ පලමුවෙන්ම පන්දුවට පහරදුන් මුවර්ස් පිල සිය පලමු ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 652 ක් රැස්කරන්නට සමත්විය.
සචිත්‍ර සේරසින්හ ලකුණු 149 ක් රැස්කරන්නට සමත්වූ අතර 24 හැවිරිදි රමේශ් මෙන්ඩිස් සිය පලමුපෙල දිවියේ හොදම ඉනිම වාර්තා කරන්නට සමත්විය.
එය වාර්තාගත ඉනිමක් වූ අතර රමේශ් නොදැවී ලකුණු 300 ක් රැස්කලේ පන්දු 270 ක් පමණක් වැයකරමිනි. රමේශ්ගේ ඉනිමට හතරේ පහර 28 ක් හා හයේ පහර 10 ක් ඇතුලත්විය.