Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් අදියර ක‍්‍රියාත්මක වෙද්දී අනාගත ලොව ජය ගන්නා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකු නම් කිරීමට ඉයන් බිෂොප් සහ ටොම් මූඩි ක‍්‍රියා කර තිබේ. ඔවුන් දෙදෙනා විසින් යොවුන් ක‍්‍රිකට් තරග රාශියක් නැරඹීමෙන් පසුව මෙම තේරීම් කර තිබේ.
ඉයන් බිෂොප් සහ ටොම් මූඩි විසින් වත්මන් ලෝක කුසලාන තරගාවලියට කී‍්‍රඩා කරන කණ්ඩායම් 16 අතරින් ක‍්‍රීඩකයන් තිදෙනා බැගින් නම් කිරීම විශේෂත්වයකි. අදාළ ක‍්‍රීඩකයන් නම් කිරීමට විශේෂ හේතුද ඔවුන් ඉදිරිපත් කර ඇති අතර එහිදී ශ‍්‍රී ලංකාවේ කිසිම ක‍්‍රීඩකයකු එම ලැයිස්තුවේ නොමැත.
කොදෙව් හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩක ඉයන් බිෂොප් විසින් නම් කරන ලද ක‍්‍රීඩකයන් තිදෙනා වන්නේ ඔස්ටේ‍්‍රලියාවේ ෆ්‍රෙසර්, දකුණු අප‍්‍රිකාවේ ගෙරල්ඞ් කොට්සා සහ පාකිස්තානයේ හයිදර් අලී වේ. දකුණු අප‍්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය නැරඹීමෙන් පසුව මෙම නම් කිරීම සිදුකර ඇත.
ටොම් මූඩි විසින් නම් කර ක‍්‍රීඩකයන් අතර ඉන්දියාවේ යසාවි ජයිස්වල්, බටහිර ඉන්දීය කොදෙව්හී ජයිදින් සීල්ස් සහ එංගලන්තයේබෙන් චාර්ල්ස්වෝත් නම් කර ඇත. ඉයන් බිෂොප් සහ මුඩි විසින් නම් කරන ලද ක‍්‍රීඩයන් ලැයිතුවේ අවසන් වටවලට පැමිණි ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ නවසීලන්තයේ ක‍්‍රීඩකයන් ඇතුළත් නොවීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *