Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට එරෙහිව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඇති ලෝක මානව හිමිකම් සම්බන්ධ අධිකරණයේදී නඩුවක් ගොනුකර තිබේ. ඒ ඔහුගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමට පෙර ඉවත් කිරීම හේතුවෙන් වන්දි ඉල්ලාය.
2017 වසරේ නොවැම්බර් මස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ චන්දික හතුරුසිංහ එතැන් සිට රාජකාරි කර කාලයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ජයග‍්‍රාහී ප‍්‍රතිශතය 30% දක්වා පහළ වැටුණි. ක‍්‍රීඩකයන් සමග අමනාපකම් ඇති කර ගත් අතර නායකයන් තුන් හතර දෙනෙක්ද මාරු විය.
ඒ අනූව කි‍්‍රයාත්මක වු හිටපු ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු සහ වත්මන් ක‍්‍රිකට් පාලනය හතුරුසිංහගේ කොන්ත‍්‍රාත්තුව මාස 18 ක් තිබියදී ඉවත් කිරීමට කටයුතු කළේය. එහෙත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග ඇති ගිවිසුම හේතුවෙන් හතුරුසිංහට මාස හයක පඩි ගෙවා ගෙදර යන ලෙසට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැන් වුවද හතුරුසිංහ එයට අකමැති විය. අනතුරුව ශ‍්‍රී ලංකා දක්ෂතා ඉහළ දැමීමේ මධ්‍යස්ථානයේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට යෝජනා කළද ඔහු එයද ප‍්‍රතික්ෂේප කළේය.
තමා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කොන්ත‍්‍රාත් අත්සන් කර ඇති බැවින් වෙනත් තැනක කටයුතු කිරීමට සූදානම් නැති බව හතුරුසිංහ විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැන්වීය. කෙසේ වෙතත් මාසයකට රුපියල් ලක්ෂ හැත්තෑව මගින් වසර දෙකකට ආසනන්න කාලයක් වැටුප් ලබාගත් හතුරුසිංහගේ පඩි නවත්වා ගෙදර යන ලෙසට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉකුත් දෙසැම්බර් මාසයේදී තීරණය කිරීමත් සමග ඔහු ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට ගියේය.
දැන් හතුරුසිංහ ඇ.ඩො. මිලියන පහක වන්දියක් ඉල්ලා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග නඩු මගට පැටලී තිබේ. හතුරුසිංහට වන්දි ගැනීමට කාලයක් නඩු කිව යුතුද ඔහු ලක්ෂ 70 බැගින් ලබාගත් වැටුපෙන් ඔහුට නඩු කිව හැකිය. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයටද නඩු කිවීමට මුදලක් වැය වේ. නඩුව අවසානයේදී කවුරු දිනුවද හතුරුසිංහ බලෙන් පුහුණුකරු රාජකාරියේ රැුදී සිටීමට කළ උත්සහය ව්‍යාර්ථ කිරීමද සතුටට කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *