Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ඔස්ටේ‍්‍රලියාවේ ලැව් ගින්නෙන් විපතට පත්වූවන්ට ආධාර කිරීම වෙනුවෙන් හිටපු සුපිරි දඟ පන්දු යවන ක‍්‍රීඩක ෂේන් වෝන් විසින් සිය ටෙස්ට් තොප්පිය වෙන්දේසි කිරීමට පසුගියදා තීරණය කර තිබුණි. ඒ වෙනුවෙන් මේ වන විට වැඩි ලංසු ඉදිරිපත් වෙමින් ඇති බව ඔස්ටේ‍්‍රලියාවෙන් වාර්තා වේ.
මංගල ටෙස්ට් තරගයේ සිට ෂේන් වෝන් ක‍්‍රීඩා කළ ටෙස්ට් තරග සියල්ලම එම කොළ පැහැති තොප්පිය පැළඳ ක‍්‍රීඩා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. ටෙස්ට් කඩුලූ 708 ක් ලබා ගනිමින් මුත්තයියා මුරලිදරන්ට පසුව වැඩිම ටෙස්ට් කඩුලූ ලබාගත් පන්දු යවන්නා වන්නේද ෂේන් වෝන්ය.
‘‘අපි දිනපතාම විපතට පත් වූවන්ට ආධාර කිරීමට දායක වීමට උත්සහ කරමින් සිටිමු. මෙය මගේ ටෙස්ට් ක‍්‍රිකට් දිවිය පුරාම පැළැඳ සිටි තොප්පියි. ඒකෙන් ලැබෙන අරමුදලෙන් විපතට පත්වුවන්ට උපකාර කිරීමට හැකි වෙනු ඇතැයි මා විශ්වාස කරනවා.’’ යැයි ෂේන් වෝන් පවසයි.
ෂේන් වෝන්ගේ තෝප්පියේ වෙන්දේසිය ඊයේ (11 දා* නිමා වීමට නියමිත අතර එහිදී මෙතෙක් වැඩිම මිලකට අලෙවි වී ඇති ශ‍්‍රීමත් ඩොනල්ඞ් බැඞ්මන්ගේ තෝපියට වඩා වැඩි වටිනාකමක් වෝන්ගේ තෝප්පියට ලැබෙනු ඇතැයි වාර්තා වේ. ඊයේ වන විට වෝන්ගේ ටෙස්ට් තෝපිය වෙනුවෙන් ඉදිරිපත්ව ඇති ලංසුව ඔස්ටේ‍්‍රලියානු ඩොලර් 160,000 වශයෙන් සටන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *