Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය පරාජය වීම සහ සමස්ත තරගාවලියේදීම කණ්ඩායමේ ජ්‍යෙෂ්ට ක‍්‍රීඩකයන් දැක්වූ දායකත්වය සහ කුසල් මෙන්ඩිස් දිගින් දිගටම එකම ආකාරයකින් දැවී යාම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඔවුන්ට රතු එළියක් දැල්වීමට කරච්චි ක‍්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී පියවර ගත්තේය.
පන්දු යැව්වෙ නැහැ. ගොඩක් හතරේ පහරවල් අපි ලබා දුන්නා. හොඳ ලයින්වල පන්දු යැව්වෙ නැති නිසා නිලකුණු පන්දුවාර යැව්වෙත් නැහැ. කුසල් ගැන කතා කළොත් ඔහු හොඳ පරිණත සහ තාක්ෂණයක් තියෙන ක‍්‍රීඩකයෙක්. ඔහු හිටපු ගමන් හොඳට කරනවා. ආයෙත් පසුබසිනවා. අපි දැක්කා මේ තරගාවලියේදී එකම විදිහට තමයි ඔහු දැවී ගියේ. පුහුණුකරුවන් සහ පිතිකරණ විශ්ලේෂකලා එකතුවෙලා මෙන්ඩිස් ඉක්මනට ඒක හදා ගන්න ඕන.’’
‘‘මෙන්ඩිස් තමයි දන්නෙ ඔහුගේ මානසිකත්වය. ඒ නිසා ඔහුටත් වගකීමක් තියෙනවා ඉක්මනට ඒක හදා ගන්න. පිතිකරුවන් හය දෙනෙක් ක‍්‍රීඩා කරනකොට එක්කෙනෙක් දෙන්නෙක් ෆේල් වුණාම කණ්ඩායමට ලොකු පාඩුවක්. කුසල් මෙන්ඩිස් ඒවා ඉක්මනට හදා ගන්න ඕන. ‘‘ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගෙන් අවශ්‍ය දේ කණ්ඩායමට ලැබුණෙ නැහැ. ඇත්තටම ඔවුන් ගත්ත ආරම්භයත් ලොකු ඉනිමක් කරා ගෙනියන්න බැරි වුණා. හැබැයි මේ තරගාවලියේදී ධනංජය ද සිල්වා, ඕෂධ ප‍්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල ගැන මම සතුටු වෙනවා. හැබැයි දික්වැල්ලගෙන් මම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. මොකද ටෙස්ට් තරග 30 කට වැඩි ගාණක් ක‍්‍රීඩා කරලා තියෙන කොට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් හැටියට තව වගකීමකින් ක‍්‍රීඩා කළ යුතුයි. ඒ දේවල් ටික හදාගන්න ඕන ඊළඟ තරගාවලියට යන කොට. එතනදී අඩුපාඩු වෙන්න බැහැ. අපි දිනන්න ගහනවනම් ඒ දේවල් අනිවාර්්‍යයෙන් හදා ගන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *