Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ශ‍්‍රී ලංකා පිතිකරුවන් පස්දෙනකුම දෙවැනි ඉනිමේ ලකුණු නොලබා දැවී යාම සහ ජ්‍යෙෂ්ඨයන් නීරස වීම හේතුවෙන් පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 263 ක දැවැන්ත පරාජයක් ශ‍්‍රී ලංකාව අත්වින්දේය.
1992 දී අරවින්ද ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානය සිය මව්බිමේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගෙන තිබුණි. එතැන් සිට ඉකුත් 2009 වන තෙක් පාකිස්තානයේදී පැවැති ටෙස්ට් තරගාවලි දෙකක් ශ‍්‍රී ලංකාව ජය ගනිද්දි තරගාවලි දෙකක් විසඳුමකින් තොරව නිමාවී ඇත.
පාකිස්තානය මාස 13 කට පසුව ටෙස්ට් ජයක් ලැබූ අතර ඔවුන් ශ‍්‍රී ලංකාව සමග තරගාවලියට පෙර පිට පිටම ටෙස්ට් තරග හයක් පරාජයට පත්ව තිබුණි.
පළමු ටෙස්ට් තරගාවලියට ක‍්‍රීඩා කරන 31 හැවිරිදි අබිඞ් අලී තරග දෙකේම මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඔහු ශතක දෙකක් සමග මුළු ලකුණු 321 ක් ලබා ඇති අතර ඉනිමක සාමාන්‍ය 160.50 කි. මීට අමතරව බාබර් අසාම් (262*, අසාර් අලී (154*, ෂාන් මෂූඞ් (140* පාකිස්තාන් පිතිකරු අංශයට වැඩි දායකත්වයක් ලබාදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *