Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේ පාකිස්තානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ලකුණු 80 පළමු ඉනිමේ වාසියක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවිය. ඒ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිය 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය (74) ලබා ගත් දිනේෂ් චන්දිමාල් වසරකට පසුව ටෙස්ට් අර්ධ ශතකයක් ලබා ගැනීමද විශේෂත්වයකි.
වසර දහයක් එක දිගට ජාතික කණ්ඩායම ක‍්‍රීඩා කළ චන්දිමාල්ට මාස 10 කට පසුව ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය හිමිවූ අතර ඒ කාලයේදී ඔහු ඉතාමත් වේදනාකාරීව ගෙදර සිට කාලය ගත කළ බවද පවසයි.
‘‘ඇත්තටම මම අවුරුදු දහයක් ජාතික කණ්ඩායම නියෝජනය කරලා තියෙනවා. ඒ කාලය තුළ වැඩිම කාලයක් කණ්ඩායමේ ස්ථානය නැති වෙලා හිටියේ මේ වසරේදී. ඒ මාස 10 න් පළමු මාස දෙක මට ගොඩක් අමාරු වුණා කණ්ඩායම තරග කරනකොට හිත හදාගෙන ගෙදර ඉන්න. ඕනෑම ක‍්‍රීඩකයකුගේ දක්ෂතා ඉහළ සහ පහළ යන කාලයක් තියෙනවා.’’ යැයි චන්දිමාල් පවසයි.
කණ්ඩායමෙන් එළියේ ඉන්න කාලයේදී තමාගේ ශාරීර සෞඛ්‍ය සහ පිතිකරණයේ තාක්ෂණය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වීමට චන්දිමාල් සමත් විය. ‘‘මගේ පිතිකරණයේ තාක්ෂණයේ පොඩි අඩුපාඩු ටිකක් තිබුණා. කණ්ඩායමෙන් එළිය ඉන්න කාලයේ ඒ ටික හදා ගන්න ගමන් ශරීර යෝග්‍යතාව හොඳින් පවත්වා ගන්න මම මහන්සි වෙලා වැඩ කළා.’’
පාකිස්තානය පරාජය කිරීමට නම් ලකුණු 250 කට මෙපිටින් ලකුණු සංඛ්‍යාවක් කරච්චි තණතීරුව අනූව තිබිය යුතු බවද චන්දිමාල් පවසයි. ‘‘මේ තණතීරුවේ හැටියට අපිට දෙවැනි ඉනිමේදී ලකුණු 250 කට අඩු ඉලක්කයක් තිබුණොත් හඹා යන්න පුළුවන්. ලකුණු 80 කට කඩුලූ හතරක් ගිය වෙලාවෙ මම කල්පනා කළේ කොහොම හරි මුලින්ම පාකිස්තාන පළමු ඉනිම අභිබවා යන්න. තණතීරුව පන්දු යවන්නන්ට වාසියක් තියෙනවා. ඒ නිසා තමයි පාකිස්තාන් ආරම්භක පිතිකරුවන් දෙවැනි ඉනිමේදී ඉක්මනින් ලකුණු ලබා ගන්න බලාපොරොත්තු වුණේ. ’’
ලකුණු පුවරුව
පාකිස්තානය පළමු ඉනිම 191 යි.
ශ‍්‍රී ලංකාව පළමු ඉනිම
ඕෂධ ප‍්‍රනාන්දු ඇ.රිස්වාන් ප.අෆ්රීඩි 04
දිමුත් කරුණාරත්න ප.අබ්බාස් 25
කුසල් මෙන්ඩිස් ඇ.සොහෙල් ප.අබ්බාස් 13
ඇන්ජලෝ මැතිව්ස් ඇ.රිස්වාන් ප.අෆ්රීඩි 13
ලසිත් ඇඹුල්දෙණිය ඇ.සාෆික් ප.අබ්බාස් 13
දිනේෂ් චන්දිමාල් ඇ.මෂූඞ් ප.සොහෙල් 74
ධනංජය ද සිල්වා ඇ.අබ්බාස් ප.අෆ්රීඩි 32
නිරෝෂන් දික්වැල්ල ප.අබ්බාස් 21
ඩිල්රුවන් පෙරේරා ක.මු.කළා ප.අෆ්රීඩි 48
විශ්ව ප‍්‍රනාන්දු නොදැවී 05
ළහිරු කුමාර ප.අෆ්රීඩි 00
අතිරේක 23
එකතුව පන්දුවාර 85.5 කදී සියල්ල දැවී ලකුණු 271
කඩුලූ වැටීම – 1-28, 2-39, 3-61, 4-78, 5-80, 6-147, 7-184, 8-235, 9-271, 10-271
පන්දු යැවීම
අෆරීඩි -26.5 5 77 5 අබ්බාස් – 27 9 55 4
නෂීම් ෂා – 16 1 71 0 යෂීර් ෂා – 13 0 43 0
හාරිස් සොහෙල් – 3 0 11 1
පාකිස්තාන් දෙවැනි ඉනිම
ෂේන් මෂූඞ් නොදැවී 21
අබිඞ් අලී නොදැවී 32
අතිරේක 04
එකතුව පන්දුවාර 14 කදී කිසිවකු නොදැවී ලකුණු 57
පන්දු යැවීම
ප‍්‍රනාන්දු – 5 1 14 0 කුමාර – 3 0 20 0
ඇඹුල්දෙණිය – 5 0 17 0 පෙරේරා – 1 0 2 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *