Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය මිනිත්තු 82 කට සීමාවිය. කාලගුණයෙන් බාධා එල්ලවීම හේතුවෙන් පන්දුවාර 18.2 කට පමණක් දෙවැනි දිනය සීමා වෙද්දී ශ‍්‍රී ලංකාව කඩුලූ හයකට ලකුණු 263 ක් ලබා සිටියේය.
ධනංජය ද සිල්වා සිය 28 වැනි ටෙස්ට් තරගයේදී හය වැනි අර්ධ ශතකය සටහන් කර ගත්තේය. ශ‍්‍රී ලංකා ඉනිමේ ධනංජය නොදැවී සිටිමින් පන්දු 131 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 72 ක් ලබා සිටියේ සිය හය වැනි ටෙස්ට් ශතකයකට තවත් ලකුණු 28 ක් පිටුපසින් සිටිමිනි.
හය වැනි කඩුල්ලට ලකුණු 67 ක සබඳතාවක් දික්වැල්ල සහ ධනංජය එකතු කරද්දී ෂහින් අෆ්රීඩි දික්වැල්ලගේ ඉනිම නවතා දැමීමට සමත් විය. දික්වැල්ල පන්දු 63 කදී හතරේ පහර හතරක් සමග ලකුණු 33 ක් ලබා සිටියේය. ඊයේ උදෑසන පන්දුවාර 7.5 ක් යැවීමෙන් පසුව ක‍්‍රීඩාංගණයට ඇද හැලූන වර්ෂාව හේතුවෙන් යළිත් තරගය දිවා ආහාරයෙන් පසුව ඇරඹීමට හැකි විය. ඒ අනූව ඊයේ දිනය පුරාවටම ක‍්‍රීඩාව පැවැතියේ පන්දු 110 ක් පමණි.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකාව
දිමුත් කරුණාරත්න ක.මු.කළා ප.අෆ්රීඩි 59
ඕෂධ ප‍්‍රනාන්දු ඇ.හැරිස් ප.නසීම් 40
කුසල් මෙන්ඩිස් ඇ.රිස්වාන් ප.උස්මාන් 10
ඇන්ජලෝ මැතිව්ස් ඇ.සාෆික් ප.නසීම් 31
දිනේෂ් චන්දිමාල් ප.අබ්බාස් 02
ධනංජය ද සිල්වා නොදැවී 72
නිරෝෂන් දික්වැල්ල ඇ.බාබර් ප.අෆ්රිඩි 33
ඩිල්රුවන් පෙරේරා නොදැවී 02
අතිරේක 14
එකතුව පන්දුවාර 86.3 කදී කඩුලූ 6 ට ලකුණු 263
කඩුලූ වැටීම – 1-96, 2-109, 3-120, 4-127, 5-189, 6-256
පන්දු යැවීම
අබ්බාස් -24 9 56 1 අෆ්රීඩි – 19.3 7 47 2
උස්මාන් – 15 4 54 1 නසීම් ෂා – 22 4 75 2
හැරිස් – 3 0 12 0 ෂේන් මෂූඞ් – 1 1 0 0
අසාද් සාෆික් – 2 0 8 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *