Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

පාකිස්තානයේ සිටින ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් නූර්දීන් මොහොමඞ් සහීන් මහතා විසින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට, මාධ්‍යවේදීන්ට සහ තානාපති කාර්යාල නියෝජිතයන්ට ශ‍්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටි රාවල්පින්ඩි මැරියඞ් හෝටලයේදී පෙරේදා රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ලබා දෙන ලදී.
එම අවස්ථාවේදී ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නව චිත‍්‍රයට නැගුන චිත‍්‍රයක් පාකිස්තාන් තරුණියක් විසින් තිළිණ කරන ලදී. ශ‍්‍රී ලංකා කණඩායම වසර 10 කට පසුව පාකිස්තානයට පැමිණීමේ ප‍්‍රීතිය නිමිත්තෙන් එම තරුණිය විසින් ශ‍්‍රී ලංකා නායකයාව චිත‍්‍රයට නගා තිබේ.
එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න, ‘‘පාකිස්තානයේ කී‍්‍රඩා කරන විට අපිට දැනෙන්නේ අපේ මව්බිමේ ක‍්‍රීඩා කරනවා වගේ. ඔවුන් පාකිස්තානයට පමණක් නොවෙයි අපිටත් උපරිම සහයෝගයක් දෙනවා. විශාල පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් පැමිණියා තරගය නරඹන්න. වෙනත් රටවල ටෙස්ට් තරග බලන්න මෙහෙම පේ‍්‍රක්ෂකන් එන්නෙ නැහැ. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ ටෙස්ට් තරග බලන්නත් මෙච්චර පේ‍්‍රක්ෂකයන් එන්නෙ නැහැ. මම හිතනවා පාකිස්තානයේ ආරක්ෂාව ඉතාමත් හොඳින් ස්ථාවර වෙලා තියෙනවා කියලා. ඒ නිසා කිසිම සැකයක් නැතිව අපි ඕනෑම වෙලාවක ආයෙත් එනවා. වෙනත් රටවලූත් පාකිස්තානයට පැමිණ ක‍්‍රීඩා කරාවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කරච්චිවල පැවැත්වෙන තරගයේදීත් අපිට මෙවැනිම සහයෝගයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.’’ යැයි දිමුත් පැවසීය.
දිමුත් කරුණාරත්නට හමුවූ සමරුව ඔහු ඊයේ ඉස්ලාමාබාද් සිට කරච්චි බලා පැමිණෙන ගුවන් යානයට ගෙන ආ අතර එහිදී එම සමරුව ඉතාමත් අලංකාරව නිර්මාණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (17 දා* කරච්චි ක‍්‍රීඩාංගණයේදී දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් පුහුණුවීම් ආරමභ කිරීමට නියමිත අතර දෙවැනි තරගය ලබන 19 වැනිදා ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *