Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පින්ඩි ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදි ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත් විය. අරවින්ද ද සිල්වාට පසුව රාවල්පින්ඩි ක‍්‍රීඩාංගණයේදී ශතකයක් ලැබු දෙවැනි ක‍්‍රීඩකයා බවටද ධනංජය ඒ සමගින් පත්විය.
2000 වසරේදී සනත් ජයසුරියගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එම ටෙස්ට් තරගය ජය ගැනීම වෙනුවෙන් පළමු ඉනිමේදී අරවින්ද ද සිල්වා පන්දු 276 කදී හතරේ පහර 12 ක් සමග ශතකයක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. ධනංජය ද සිල්වා මෙවර වාර්තා කළ ශතකය පන්දු 166 කදී හතරේ පහර 15 ක් සමග වාර්තා කළ අතර ඔහුට අරවින්ද රාවල්පින්ඩි හිදි ලද ලකුණු 112 ක ඉනිමට එහා යෑමට තිබුණද ශී‍්‍ර ලංකාව මුුළු ලකුණු 308 ක් ලබා සිටියදි ඉනිම අත්හිටවා දැමීය.
මෙය ධනංජය ද සිල්වාගේ පළමු ශතකය වු අතර පළමු දිනයේ සිටම පස්වැනි දිනය තෙක් ධනංජයට ශතකය ලබා ගැනීම වෙනුවෙන් බලා සිටීමට සිදුවුයේ දින හතරක් පුරා තරගයකට කාලගුණයෙන් බාධා එල්ල වීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *