Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු තරගයට නායකත්වය ලබාදුන් ශ‍්‍රී ලංකා නායක බන්දුල වර්ණපුර සහ පාකිස්තාන් නායක ජාවෙඞ් මියැන්ඩාඞ් වසර 37 කට පසුව යළිත් ක‍්‍රීඩාංගණයකදි හමුවිය. දෙදෙනාම ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 1982 පළමු වරට ටෙස්ට් තරගයකදී මුණ ගැසුන අවස්ථාවේ කණ්ඩායම් දෙකේම නායකයන් විය.
පළමු ටෙස්ට් තරගාවලිය පාකිස්තානය ජය ගත්තද ඒ ඓතිහාසික අවස්ථාව මතක් කිරීම සහ යළිත පාකිස්තානයේදී වසර දහයකින් ටෙස්ට් තරග කිරීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා අද(11 දා* පැවැත්වෙන තරගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ගෙන්වා තිබේ. ඊයේ කණ්ඩායම් දෙකම පුහුණුවීම්වලට පැමිණි අවස්ථවේ මියැන්ඩාඞ් සහ වර්ණපුර දෙදෙනාද පැමිණ ඡුායාරූපවලටද පෙනී සිටියේය.
ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් නායකයාද වන බන්දුල වර්ණපුර මහතා ඊයේ ශ‍්‍රී ලංකා පිල පුහුණුවන අයුරු දැකබලා ගැනීමටද පැමිණ සිටි අතර ඔහු පැවසුවේ තමන්ට ලැබුන ආරාධනය සම්බන්ධයෙන් පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනයට ස්තුතිවන්ත වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *