Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන විසිවැනි ටෙස්ට් තරගාවලිය හෙට (11 දා) පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී ආරම්භ වේ. එහිදී පාකිස්තානුවන්ට ඔවුන්ගේ මව්බිමේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව වසර 27 කින් ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට නොහැහැකිව තිබේ.
ශ‍්‍රී ලංකාව පාකිස්තානයේදී තරග වැදුන ටෙස්ට් තරගාවලි හතකින් තුනක් පරාජය වෙද්දී තරගාවලි දෙකක් ජය ගෙන ඇති අතර තවත් තරගාවලි දෙකක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. 1991 දී අරවින්ද ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිලට එරෙහිව පාකිස්තානයේදී පැවැති තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0 ක් වශයෙන් ජය ගැනීමට ඉම්රාන් ඛාන් (වත්මන් පාකිස්තාන් අග‍්‍රාමාත්‍ය* නායකත්වය දැරු පාකිස්තාන් කණ්ඩායම සමත් විය. එතැන් සිට ඉකුත් 2009 වන තෙක් පාකිස්තානයේදී පැවැති ටෙස්ට් තරගාවලි දෙකක් ශ‍්‍රී ලංකාව ජය ගනිද්දි තරගාවලි දෙකක් විසඳුමකින් තොරව නිමාවී තිබේ.
දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 53 කින් ශ‍්‍රී ලංකාව තරග 16 ක් සහ පාකිස්තානය තරග 19 ක් වශයෙන් ජයග‍්‍රහන බෙදා ගනිද්දී තවත් තරග 18 ක් විසඳුමකන් තොරව නිමාවී තිබේ. දෙරට අතර පැවැති ටෙස්ට් තරග ඉතිහාසය අනූව පිතිකරුවන් අතරින් පෙරමුණ ගැනීමට කුමාර් සංගක්කාර සමත්ව ඇති අතර ඔහු පාකිස්තානයට එරෙහිව ක‍්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 23 කදී ශතක 10 ක් සහ අර්ධ ශතක 12 ක් සමග මුළු ලකුණු 2911 ක් ලබා ඇත. රංගන හේරත් දෙරට අතර ටෙස්ට් ඉතිහාසයේ කඩුලූ සියයක් ලැබු එකම පන්දු යවන්නා වේ. ඔහු තරග 21 කදී කඩුලූ 106 ක් දවා ගෙන ඇති අතර මුත්තයියා මුරලිදරන් තරග 16 කදී කඩුලූ 80 ක් දවාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *