Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

දෙසැම්බර් 5 වන දින සිට 10 වනදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වීමට නියමිත 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පිරිමි 9 දෙනෙකු සහ කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම තමන්ගේ දස්කම් දැක්වීමට නියමිතව සිටී.
2016 දී ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු තරගාවලියේදී රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර මෙවර ඊට වැඩි පදක්කම් ගණනක් ලබා ගනු ඇති බව ශ්‍රී ලංකා බොක්සිං සම්මේළනය අපේක්ෂා කරයි.
ඒ අනුව මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම අවම වශයෙන් රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 6 ක් හෝ දිනා ගනු ඇති බව සම්මේලනයේ උප සභාපති ඕබ්‍රි පීරිස් ශ්‍රී ලංකන් ස්පෝර්ට්ස් වෙත පැවැසීය.
ඒ අනුව තරගාවලියට සහභාගි වන කණ්ඩායම
එම්.පී.ජී. සංජීව නුවන්, වී.එල්. එරන්ද, එන්.කේ අමරවංශ, විමුක්ති කුමාර, ඩී.ඩී. සපරමාදු, එන්.එම්. හෙට්ටිආරච්චි, ඩී.ඩී. මදුරංග, ඒ. ආර්. සදකැලුම්, බී. ඊ. තිලකරත්න
කාන්තා
නදීකා පුෂ්පකුමාරි, ඒ.කේ. නිල්මිණි, පී.එස්. කුරේ, ඒ.ඩී. ධර්මතිලක, ඒ.කේ. හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *