Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

19 වන ජාතික දුනු විදීමේ තරගාවලිය පසුගියදා නිමා වුණි.

ඒ  කොළඹ ටොරින්ටන් ක්‍රීඩා පිටියේදීයි.

19 වන ජාතික දුනු විදීමේ තරගාවලිය සංවිධානය කළේ ජාතික දුනු විදීමේ සංගමයයි.

දින දෙකක් පුරා පැවැති තරග සඳහා ක්‍රීඩා සමාජ එකොළහක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැට එකක් සහභාගි වුණා.

තරග පැවැත්වුණේ ඒකළ හා කණ්ඩායම් ලෙසයි.

තරග කාණ්ඩ දෙකකින් පැවැත්වූ අතර රිකව් අංශයේ පිරිමි ශූරතාවය කොළඹ රේස් කෝස් දුනු විදීමේ සමාජය නියෝජනය කළ සජීව් ද සිල්වා දිනාගත් අතර  එම අංශයේ කාන්තා ශූරතාව දිනා ගත්තේ යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ  ඩබ්ලිව් බී එම් සිල්වා.

කොම්පවුන්ඩ් අංශයේ පිරිමි ශූරතාවය යුද හමුදාව නියෝජනය කළ  ඒ එස් වසන්ත කුමාර දිනාගත්තේය.

එම අංශයේ කාන්තා ශූරතාවය දිනා ගත්තේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඩබ්ලිව් කේ අනුරාධා විසින්.

2020 ජපානය ටෝකියෝ නුවර පැවැත්වෙන සමර් ඔලිම්පික් තරගාවලියේ තේරීම් තරගයක් ලෙස ද මෙය පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *