Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

හිටපු ක‍්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් එළැඹෙන මහා මැතිවරණයේදි ගාලූ දිස්ත‍්‍රික්කයෙන් හෝ කළුතර දිස්ත‍්‍රික්කයෙන් තරග කරන බව පවසයි. ඔහුට අදාළ දිස්ත‍්‍රික්ක දෙකෙන් එක් පළාතක් අනිවාර්්‍යයෙන් ලබාදෙන බවත් ඉන් තමා වඩාත්ම කැමැති කළුතර දිස්ත‍්‍රික්කයෙන් තරග කිරිම බවත් පවසයි.
ගොඨාභය රජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරු නියෝජනය කරන පොහොට්ටුව ලකුණ යටතේ ඩිල්ෂාන් මේ වන විටත් ඡුන්ද ව්‍යාපාර කටයුතු අරඹා තිබේ. ඔහු දැනටමත් පාසල් 100 කට වැඩි සංඛ්‍යාවකට ක‍්‍රිකට් ආම්පන්නද බෙදා දී ඇති අතර දිළිදු පවුල් සඳහාද ආධාර උපකාර කරමින් සිටියි.
කළුතර ඉපිද කළුතර විද්‍යාලයේ ඉගෙනු ලැබු ඩිල්ෂාන්ට කළුතර ආසනයෙන් තරග කිරීමට ලැබුණහොත් ඔහුට වැඩ කිරිමට පහසු බවද දේශපාලනඥයන් පවසයි. නමුත් ඩිල්ෂාන්ගේ ජනප‍්‍රියත්වය අනූව ඔහුට ශ‍්‍රී ලංකාවේ කුමන දිස්ත‍්‍රික්කයකින් වුවද ඡුන්දය ජය ගත හැකි බව පොහොට්ටුව නියෝජනය කරන සියලූම දේශපාලනඥයන් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *