Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ශ‍්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය 3-0 ක් වශයෙන් පරාජයට පත්විය. තරග තුනේදීම ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට දවා ගත හැකිවූයේ ඔස්ටේ‍්‍රලියාවේ කඩුලූ හතක් පමණි. ඒ අනූව ශ‍්‍රී ලංකා පිතිකරුවන් 25 දෙනකු දවා ගැනීමට ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ.
ඔස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර්ව තරග තුනේදීම දවා ගැනීමට නොහැකි වූ ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ඉතාමත් ලැජ්ජා සහගත තත්ත්වයකට මෙම තරගාවලියේදී පත්විය. පන්දු රැුකීම දුර්වල විය. අංශ තුනෙන්ම ශ‍්‍රී ලංකාව දුර්වල වුවද පුහුණුකරු රොමේෂ් රත්නායක තරගාවලියේදී හොඳ සටනක් තම පිල ලබාදුන් බව පැවසීම හාස්‍ය උපදවන කතාවකි. ඔහු පවසන පුස් කතාව මෙසේය.
‘‘මම හිතුවේ අපි හොඳ සටනක් දුන්නා. අපි මේ තරගාවලියේදී බොහෝ පාඩම් ඉගෙන ගත්තා. අපි නිදහසට කරුණු කියන්නේ නැහැ. අපි යළිත් විස්සයි විස්ස තරගාවලියකට පැමිණෙන විට අපිට ඕනෑම වෙලාවක ඉගෙන ගැනීමට පාඩම් තිබුණා. අපි උප මහද්වීපයේ ක‍්‍රීඩා කළත් ඉන් පිටතදී තණතීරුවලට හැඩ ගැසීමට කාලයක් අවශ්‍යයි. වේගවත් තණතීරුවල ක‍්‍රීඩා නොකළාම මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා.’’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *