Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ට වසර දෙකක ක‍්‍රිකට් තහනමක් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් පනවනු ලැබීය. එයට හේතුව තරග පාවාදීම් සම්බන්ධයෙන් ඔහුට පැමිණි යෝජනා සම්බන්ධව උපරිම සහය වන පරිදි තෝරතුරු ලබා නොදීමයි.
කෙසේ වෙතත් පසුගියදා බංග්ලාදේශ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් විසින් කළ ක‍්‍රිකට් වැඩ වර්ජනය පිටුපසද කුමන්ත‍්‍රනාකාරීව ප‍්‍රධාන මෙහෙයුම දියත් කර ඇත්තේ ෂකීබ් අල් හසන් බවටද බංග්ලාදේශයෙන් වාර්තා වේ. ඒ අනුව බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනයද ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් නොවීමත් සමග අයි.සී.සී.ය අදාළ තීරණය ගෙන තිබේ.
බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනයද පවසා ඇත්තේ ෂකීබ් විසින් අවස්ථා තුනකදී තරග පාවාදීම් සම්බන්ධ සිද්ධින්වලට ලැබුණු ආරාධනා සම්බන්ධයෙන් නිසි දැනුම්දීක් සිදුකර නොමැති බවයි. කෙසේ වෙතත් ෂකීබ් අල් හසන් තමන් කළ වැරැුද්ද පිළිගෙන තිබේ. ‘‘මම ආදරය කරන ක‍්‍රිකට් ක‍්‍රීඩාව තහනම් වීම මට කණගාටුයි. ඒත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තරග පාවාදීම් සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙල අගය කර යුතුයි. මම පිළිගන්නවා මම නිසි තොරතුරු ලබා නොදුන් බවට.’’ යනුවෙන් පවසා තිබේ.
ෂකීබ් අල් හසන්ට වසර දෙකක තහනමක් පනවා තිබුණද වසරක් ගතවීමෙන් පසුව ඔහුට යළිත් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට පිවිසිය හැකි වේ. කෙසේ වෙතත් ඒ අතරතුර කාලයේදී හෝ යළිත් ක‍්‍රීඩා කරන විට ඔහු විසින් යම් වරදක් සිදුකළහොත් වසර දෙකම ඔහුට ක‍්‍රිකට් තහනම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *