Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

2019 වන වසර යනු පානදුර ශ්‍රී සුමංගල විදුහලේ රග්බි ක්‍රීඩාවේ නව පරිච්චේදයක් ලියවූ වසරයි ඒ දෙවන කාන්ඩයේ සිට පලමුවන කන්ඩයට සුදුසුකම් ලැබීමය එම ජයග්‍රහණයෙන් නොනැවතී ශ්‍රී සුමංගල රග්බි වංශකතාවේ ස්වර්ණමය දිනයක් සනිටුහන් කරමින් 2019/10/06 වන දින දෙවන කාන්ඩයේ සත්සාමාජික ශූරතාවය අප විද්‍යාලයට දිනා දීමට නිලීශ තරින්ද්‍රගේ නායකත්වය යට්තේ වයස අවුරුදු 20න් පහල කණ්ඩායම සමත් වීමත් සමගයි කුරුණෑගල මලියදේව විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයට මුලු ලංකාවම ආවරණය වන පරිදි දෙවන කාන්ඩයේ සිටින සියලුම පාසල් සහභාගී විය. ඒ අනුව පලමුවන දිනයේ (2019/10/5) පලමු තරගය ලෙස මහරගම මද්‍ය මහා විද්‍යාලය සමග තරග බිමට පිවිසි අපගේ ක්‍රීඩකයන් ඔවුන්ව 40-00 ලෙස පරාජය කරමින් තරගාවලියට මනා ලෙස අවතීර්ණ විය ඉන් පසුව ඉබ්බාගමුව මද්‍යමහා විද්‍යාලයද 33-00 වශයෙන් පරාජය කරමින් කුසලාන කාන්ඩයේ තම අසුන් වෙන්කරගැනීමට සමත් විය. ඉන් පසු දෙවන දිනයේදී (2019/10/06) කුසලාන කාන්ඩයේ අර්ධ අවසාන පූර්ව තරගය කෑගලු විද්‍යාලය සමග පැවැත්වූ අතර එම තරගය 33-00 වශයෙන් ජයග්‍රහණය කල අතර අවසාන පූර්ව තරගය නුගවල මද්‍යමහා විද්‍යාලයත් සමග පැවති අතර එම තරගයද ජයග්‍රහනය කරමින් අවසාන මහා තරගයේ අසුන් වෙන්කරගත්තේ නුගවල ක්‍රීඩකයින් 26-05 ක් වශයෙන් පරාජයට පත් කරමිනි.ඉන් පසුව අවසාන තරගය සදහා තේරී පත්වූයේද මෙම වසරේදී දෙවන කාන්ඩයේ සිට පලමු කාන්ඩයට තේරී පත්වූ දෙවන කාන්ඩයේ ප්‍රභල පාසලක් වන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයි මහා ධාරාණිපාත වර්ශාවක් මධ්‍යයේ පැවැත්වූ අවසාන මහා තරගය සියලුම නරබන්නන් පුදුමයට පත්කරමින් 26-10ක් වශයෙන් අවසාන මහා තරගයේදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පරාජය කරමින් දෙවන කාන්ඩයේ සත්සාමාජික රග්බි කිරුල සුමාගුල් මෑනියන් වෙත දිනා දෙමිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *