Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

පාකිස්තාන් කණ්ඩායමේ ටෙස්ට් සහ එක්දින නායකත්වයෙන් සෆ්රාස් අහමඞ්ව ඉවත් කර තිබේ. ශ‍්‍රී ලංකාව සමග පැවැති තරගාවලිය සහ ඔහුගේ පසුගිය පිතිකරණ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

පාකිස්තාන් ක‍්‍රිකට් පුහුණුකරු සහ තේරීම් කිරීමේ නිසි බළධාරියා වන මිස්බා උල්හක් විසින් මෙම තීරණය ගෙන ඇත.ඒ අනූව පාකිස්තාන් ටෙස්ට් සහ විස්සයි විස්ස නායකත්වය සෆ්රාස්ට අහිමි වෙද්දී නව ටෙස්ට් නායකයා වශයෙන් එළැඹෙන ඔස්ටේ‍්‍රලියානු සංචාරයේදී අසාර් අලී පත්කර ඇති අතර නව විස්සයි විස්ස නායකයා වශයෙන් බාබර් අසාම් පත්කර තිබේ. සෆ්රාස් අහමඞ්ගේ පිතිකරණ දුර්වලතා හේතුවෙන් ඔහුට කණ්ඩායමේ ස්ථානයද අහිමිව ඇත.

සෆ්රාස් අහමඩ්ට යළිත් තම හැකියාව පෙන්වමින් කණ්ඩායමට ඇතුළුවිය හැකි බවත් ඔහු හොද සටන්කාමියකු බවත් පුහුණුකරු මිස්බා උල් හක් පවසයි. කෙසේ වෙතත් අදාළ ඉවත් කිරීමෙන් පසුව සෆ්රාස් අහමඩ් විසින් නව නායකයාට සහ පුහුණුකරුටද සුබ පැතීමට අමතක නොකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *