Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ලොව සුපිරිතම පාපන්දු ක‍්‍රීඩකයකු වන ආර්ජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසීට තුන් මසක පාපන්දු තහනමක් පැනවීමට ඇමරිකානු පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. ඒ ලයනල් මෙසී විසින් කළ ප‍්‍රකාශයකට දඩුවමක් වශයෙනි.
දකුණු ඇමරිකාවේ පැවැති කෝපා පාපන්දු තරගාවලිය දුෂිත බවට ඔහු ප‍්‍රසිද්ධියේ කළ ප‍්‍රකාශයක් හේතුවෙන් අදාළ දඩුවම ලබාදී තිබේ. ‘කෝපා ඇමරිකානු’ පාපන්දු තරගාවලියේදී ආර්ජන්ටිනාව තෙවැනි ස්ථානයට පත්වු අතර එහිදී මෙසීට ‘රෙඞ් කාඞ්’ නියෝගය ලබාදී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවන් තීරණය කරන ලදී.
ලයනල් මෙසීට මාස තුනක තහනමට අමතරව ඇ.ඩො. 50,000 ක දඩයක්ද නියම කර තිබේ. පාපන්දු ඉතිහාසයේ බිහිවු සුපිරිතම පාපන්දු තරුවක් වන මෙසී බාසිලෝනා පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *