Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

මාස 14 ක කාලය සදහා ශ‍්‍රී ලංකාවේ සිටින දක්ෂතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් 32 දෙනකු අතරේ ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට ආසන්න මුදලක් බෙදා දෙන නව කොන්ත‍්‍රාත්තුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සකස් කර ඇති අතර ඒ සඳහා මේ වන විට සියලූම ක‍්‍රීඩකයන්ද අත්සන් තබා තිබේ.
ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම දක්ෂතාව පදනම් කර ගනිමින් අදාළ කොන්ත‍්‍රාත්තුව සකස් කර තිබේ. එහිදී ඇන්ජලෝ මැතිව්ස්ට වැඩිම කොන්ත‍්‍රාත්තුව හිමිව ඇති අතර ඔහුට හිමි කොන්ත‍්‍රාත්තුව ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 236 කට ආසන්නය. එමෙන්ම ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්නට ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 181 කට ආසන්න මුදලක් හිමිව ඇති අතර විස්සයි විස්ස පමණක් ක‍්‍රීඩා කරන ලසිත් මාලිංගට රුපියල් ලක්ෂ 127 කට ආසන්න මුදලක් හිමිව තිබේ. මෙවර වාර්ෂික කොන්ත‍්‍රාත්තුව උපුල් තරංග, අසේල ගුණරත්න, ෂෙහාන් ජයසූරිය, මලින්ද පුෂ්පකුමාර, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස් සහ අශාන් ප‍්‍රියංජන් ඇතුළත්ව නොමැත.

කොන්ත‍්‍රාත්තුව බෙදෙන ක‍්‍රමය
‘එ’ කාණ්ඩය
ඇන්ජලෝ මැතිව්ස් (ඇ.ඩො.130,000*, දිමුත් කරුණාරත්න (ඇ.ඩො.100,000*, සුරංග ලක්මාල් (ඇ.ඩො.100,000*, දිනේෂ් චන්දිමාල් (ඇ.ඩො.80,000* සහ ලසිත් මාලිංග (ඇ.ඩො.70,000**

‘බී’ කාණ්ඩය
කුසල් පෙරේරා (ඇ.ඩො.70,000*, කුසල් මෙන්ඩිස් (ඇ.ඩො.70,000*, නිරෝෂන් දික්වැල්ල (ඇ.ඩො. 52,500*, ධනංජය ද සිල්වා (ඇ.ඩො. 50,000* සහ ඩිල්රුවන් පෙරේරා (ඇ.ඩො.50,000*

සී’ කාණ්ඩය
නුවන් ප‍්‍රදීප් (ඇ.ඩො. 50,000*, තිසර පෙරේරා (ඇ.ඩො.50,000*, ළහිරු තිරිමාන්න (ඇ.ඩො.35,000*

‘ඞී’ කාණ්ඩය
අකිල ධනංජය (ඇ.ඩො.50,000*, ලක්ෂාන් සදකැන් (ඇ.ඩො. 40,000*, ඉසුරු උදාන (ඇ.ඩො.40,000*, ධනුෂ්ක ගුණතිලක (ඇ.ඩො. 35,000*, ළහිරු කුමාර (ඇ.ඩො.35,000*, දුෂ්මන්ත චමීර (ඇ.ඩො.30,000, අවිශ්ක ප‍්‍රනාන්දු (ඇ.ඩො.30,000*, දසුන් ශානක (ඇ.ඩො. 30,000*, රොෂේන් සිල්වා (ඇ.ඩො. 25,000*, විශ්ව ප‍්‍රනාන්දු (ඇ.ඩො. 25,000*

ප‍්‍රිමියර් කාණ්ඩය
වනිදු හසරංග (ඇ.ඩො. 25,000*, සධීර සමරවික‍්‍රම (ඇ.ඩො. 20,000*, අමිල අපොන්සු (20,000*, ෂෙහාන් ජයසූරිය (ඇ.ඩො. (20,000*, ඕෂධ ප‍්‍රනාන්දු (ඇ.ඩො. 20,000*, ඇන්ජලෝ පෙරේරා (ඇ.ඩො.20,000*, කසුන් රාජිත (ඇ.ඩො.20,000*, ලසිත් ඇඹුල්දෙණිය (ඇ.ඩො.20,000*, ජෙෆ්රි වැන්ඩ‍්‍රසි (ඇ.ඩො.15,000*, අසිත ප‍්‍රනාන්දු (ඇ.ඩො.15,000*, චාමික කරුණාරත්න (ඇ.ඩො. 15,000*Advertisement

Leave a Reply

Your email address will not be published. Required fields are marked *