Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ක්‍රිකට් තරග පාවා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නම් රැසක් ළගදීම එළියට

ක්‍රිකට් තරග පාවාදීම්   සම්බන්ධයෙන් ඉදිරි මාස දෙක ඇතුළතදී ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව තව තවත් චෝදනා එල්ල විය හැකි බව එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත් පත වාර්තා කරයි. ටෙලිග්‍රාෆ් පුවත් පතේ මාධ්‍යවේදී නික් හෝල්ට් මහතා සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා අතර පැවැති සාකච්ඡාවකදී මේ බව හෙළිදරව්වී ඇති බව ටෙලිග්‍රාෆ්  පුවත්පත වාර්තා කරයි .

ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව වසරකට ආසන්න කාලයක් තිස්සේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය පරීක්‍ෂණ පවත්වන   අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ මේ වසර අගභාගය දක්වාම දිවෙන බවද ටෙලිග්‍රාප් පුවත්පත පවසයි.
දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පරිගණක විශ්ලේෂකයකු වූ සනත් ජයසුන්දර මහතාට එරෙහිව දූෂණ චෝදනා ගොණු කළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතාට එරෙහිවද දූෂණ චෝදනා ඇතැයි කීවේය. ජයසුන්දර මහතාට චෝදනා එල්ල වූයේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අල්ලස් දීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටී-10 තරගාවලියකදී සිදුවූයේ යැයි කියන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අවිශ්ක ගුණවර්ධන මහතාට චෝදනා නඟා ඇතත් ගුණවර්ධන මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා වැඩිදුරටත් කියා සිටින්නේ තමන්ට එරෙහිව එල්ලකරන ලද චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *