Latest Post

මුදල් මාරුකිරීම සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක්

ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සෑම වසරකම ජනවාරි මස වසරේ විශිෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනමන සම්මාන දිනාගත් නාම ලේඛණය අද (22) ප්‍රකාශයට පත් කලා. ඒ අනුව පසුගිය වසරේ ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා සැළකිල්ලට ගෙන මෙම ලේඛණය සකස් කර ඇතැයි සඳහන්.හොඳම ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න නම් කර තිබීම විශේෂත්වයක් වන අතර පසුගිය වසරේ දිමුත් ටෙස්ට් පිටියේ දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම ගෞරව හිමී වී ඇති බව වාර්ථා වේ.ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශයට පත් කරන ලද වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයකු ඇතුලත් නොවීමත් විෂේශත්වයකි. පසුගිය වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ ක්‍රීඩකයින් ගේ දුර්වල ක්‍රීඩා විලාශය එයට හේතුවක් බව පැහැදිළි කරුණකි. ICC විසින් නම් කරන ලද වසරේ ටෙස්ට් කණ්ඩායමේ සහ එක්දින කණ්ඩායම් දෙකෙහිම නායකත්වය හිමිවී ඇත්තේ ඉන්දියාවේ සුපිරි ක්‍රීඩක විරාට් කෝලි හටයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ගෞරවය ලෝකයට රැගෙන යාමක් ලෙස හැඳින්වීමට හැකි සම්මානයක් අප රටට ලැබී තිබේ. එනම් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ඨතම විනිසුරුවරයාට හිමිවන ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය කුමාර ධර්මසේන දිනා ගැනීමත් සමඟය. ඔහු මෙම සම්මානයට පාත්‍ර වූ දෙවන අවස්ථාව මෙයයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විනිසුරු මඩුල්ල නියෝජනය කරන ධර්මසේන මහතා මීට පෙර 2012 වසරේදීද විශිෂ්ටතම ක්‍රිකට් විනිසුරුවරයා ලෙස සම්මාන ලැබීය.


“මෙම වසර මම ගොඩක් තෘප්තිමත් වසරක්, ඒ වගේම මෙම සම්මාන ලැබීම විශාල ගෞරවයක් වගේම වරප්‍රසාදයක්. මේ සම්මානය මට ලැබුණේ මම ඒක මුලින් දිනාගත්තාට වසර 6 කට පස්සේ. මේ මගින් මා ඉතාමත් ඇලුම් කරන කාර්යය තව තවත් හොඳින් කරන්න මට ධෛර්යය සපයනවා”

“මා හැමදාමත් ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ඇලුම් කළා. ක්‍රීඩකයෙක් වගේම විනිසුරුවරයෙක් වශයෙනුත්. ඉතින් මා ඉදිරියේදී මටම අභියෝග කරමින් තව තවත් ඉදිරියට යන්න උත්සාහ කරනවා. කොහොම වුණත් මේ වෙලාවේදී මගේ බිරිඳට වගේම දරුවන්ටත් බොහෝ ස්තුති කරන්න මම කැමතියි.  බිරිඳ හැම වෙලාවෙම මට ශක්තියක් වුණා වගේම මාව හොඳින් තේරුම් ගත්තා.”

“විනිසුරු දිවියට මට මඟ පෙන්වූ, මගේ උපදේශක, පීටර් මැනුවෙල් මහතාත් අමතක කළ නොහැකියි. ඒ වගේම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනෙකුත් උපදේශකවරුන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අයටත් මා ස්තුතිවන්ත වෙනවා. ඔවුන් නොසිටින්න මට මේ තරම් දුරක් එන්න වෙන්නේ නෑ”යයිද කුමාර් ධර්මසේන මහතා පැවසීය.

මෙහිදී වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට පිරිනමන සර්.ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය , වසරේ විශිෂ්ඨතම ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ වසරේ විශිෂ්ඨතම එක්දින ක්‍රීඩකයාට හිමි සම්මාන තුනම දිනා ගන්නට විරාට් කෝලි සමත් වූවා.

ICC ක්‍රිකට් සම්මාන ■වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – විරාට් කෝලි (ඉන්දියාව) ■වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – විරාට් කෝලි (ඉන්දියාව) ■වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – විරාට් කෝලි (ඉන්දියාව) ■වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා – රිෂාබ් පාන්ට් (ඉන්දියාව) ■වසරේ ඉහළම විස්සයි20 දක්ෂතාව – ඒරන් ෆින්ච් (ඕස්ට්‍රේලියාව ) ■වසරේ ක්‍රීඩාවේ ගුණධර්ම ආරක්ෂා කළ ක්‍රීඩකයා – කේන් විලියම්සන් (නවසීලන්තය) ■සම සාමාජිකත්වය හිමි රටවල වසරේ ක්‍රීඩකයා – කැලම් මැක්ලියෝඞ් (ස්කොට්ලන්තය)  ■වසරේ විනිසුරුවරයා – කුමාර් ධර්මසේන මහතා (ශ්‍රී ලංකාව) ■වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම – ටොම් ලේතම් (නවසීලන්තය), දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව), කේන් විලියම්සන් (නවසීලන්තය), විරාට් කෝලි (ඉන්දියාව) – නායක, හෙන්රි නිකෝල්ස් (නවසීලන්තය), රිෂාබ් පාන්ට් (ඉන්දියාව), ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව), නේදන් ලයන් (ඕස්ටේ්‍රලියාව), ජස්ප්‍රීට් බුම්රා (ඉන්දියාව) සහ මොහොමඞ් අබ්බාස් (පාකිස්තානය) ■ වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම – රෝහිත් ශර්මා (ඉන්දියාව), ජොනී බෙයාස්ට්‍රෝ (එංගලන්තය), විරාට් කෝලි (ඉන්දියාව) – නායක, ජෝ රූට් (එංගලන්තය), රොස් ටේලර් (නවසීලන්තය), ජොස් බට්ලර් (එංගලන්තය), බෙන් ස්ටෝක්ස් (එංගලන්තය), මුස්තෆිසුර් රෙහෙමාන් (බංග්ලාදේශය), රෂීඞ් ඛාන් (ඇෆ්ගනිස්තානය), කුල්දීප් යාදව් (ඉන්දියාව) සහ ජස්ප්‍රීට් බුම්රා (ඉන්දියාව) 

👇

ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශයට පත් කරන ලද වසරේ විශිෂ්ඨතමයින් ගේ සියළු තොරතුරු විකීපිඩීයා වෙබ් පිටුවට පිවිස ලබා ගන්න. 2004 ~ 2018 දක්වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *